අද පාටි! නෝනලාත් එක්කම හවස 7ට අරලියගහ මන්දිරයට එන්න! ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට අද උදේම පණිවුඩයක් එයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 30, 2022

අද පාටි! නෝනලාත් එක්කම හවස 7ට අරලියගහ මන්දිරයට එන්න! ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට අද උදේම පණිවුඩයක් එයි!

අද රාත්‍රී 7ට අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසත්, සිය භාර්යාවන්ද කැටුව එන ලෙසත් ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට අද පෙරවරුවේ දැනුම් දීමක් කොට ඇති බව වාර්තා වේ. 
ඒ, අද සවස පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වීම සදහාය.

මීට පෙර ‌අයවැය ඉදිරිපත් කොට අවසන් වීමෙන් පසු පවත්වන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය වෙනුවට ජනාධිපතිවරයා මෙම රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ කිංස්බරි හෝටලයේ පැවැත්වීමට නියමිතව තිබුණද අවසන් මොහොතේ මාධ්‍ය මගින් එය හෙළිදරව් කිරීමත් සමග එය අවලංගු කිරීමට පියවර ගෙන තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad