මාකදුරේ මධූෂ්ව වහාම ලංකාවට ගෙන එන්නැයි ජනපති දැනුම්දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 5, 2019

මාකදුරේ මධූෂ්ව වහාම ලංකාවට ගෙන එන්නැයි ජනපති දැනුම්දෙයි

මාකදුරේ මධූෂ්ව වහාම ලංකාවට ගෙන එන්නැයි ජනපති දැනුම්දෙයි
පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු පස් දෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
 
මෙරට ප්‍රධාන පෙලේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් විවිධ අපරාධ රැසකට සම්බන්ධව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සිටි පාතාල නායකයෙකි.
 
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඩුබායි රාජ්‍ය බලධාරීන් සමඟ කළ ඉල්ලීමට අනුව මාකදුරේ මධූෂ් වහාම ලංකාවට රැගෙන එන ලෙස අදාල ආරක්ෂක නිළධාරීන්ට දන්වා තිබේ.
 
මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගායකයෙක්ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
 
ඩුබායි ‌හෝටලකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔවුන් සන්තකයේ මත්කුඩු තිබි ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad