ගම්පෙරළිය හරහා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි .
ගම්පෙරළිය කඩිනම් සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ වැඩ අවසන් කළ බලංගොඩ මැතිවරණ කොට්ඨාශයේ මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.
ඒ යටතේ උඩකන්ද උඩ අරාව මාර්ගය, උඩ කන්ද සුසාන භූමිය මාර්ගය, පැණි පංගුව බණ්ඩාර හේන මාර්ගය, පැණි පංගුව කබර හේන මාර්ගය, පූජාපිටිය මාර්ගය, වෙලේ කුඹුර බංගමාලේ මාර්ගය, ඇහැලේ ගෙදර මාර්ගය ,අලංකාර පංගුව මාර්ගය, ඌවැල්ල හංදිය ගල් ගොඩ ගෙදර මැද මාර්ගය යන මාර්ග කොන්ක්‍රීටි කර ජනතා අයිතියට පත් කිරීම සිදු විණි.
එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්විය.
"ඡන්ද කාලෙට ඇවිල්ලා ගොඩාක් අය පොරොන්දු දෙනවා .මම නම් පොරොන්දු දුන්නේ නැහැ.ඒත් අපි මේ සංවර්ධන ව්‍යාපෘති කරන්න ඕන ඒ සඳහා අපි මේ ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රිතුමන්ලාට තුමියන්ලාට අවශ්‍ය පරිදි ව්‍යාපෘති සුදුසු පරිදි අවශ්‍ය දේ කරන්න නිදහස ලබාදී තිබෙනවා.මේ පාරවල් හැදීම අපේ වගකීමක් නෙවෙයි.ඒවා කරන්න ඕන ප්‍රාදේශීය සභාවෙන් .මේවා කරලා දෙන්න තමයි අපි කිවුවේ ප්‍රාදේශීය සභාව දිනවලා දෙන්න කියලා .ඒත් ඒක වුණේ නැහැ.අපි ගම්පෙරළිය හරහා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා.දැන් පළාත් සභාව එනවා අපිට බලංගොඩ ආසනයට පළාත් සභා මන්ත්‍රිවරුන් එක් කෙනෙක් දෙන්නෙක් පත් කරලා දෙන්න පළාත් සභාව යටතේ තමයි බොහෝමයක් සංවර්ධන ව්‍යාපෘති වෙන්නේ .බලංගොඩ වේවැල්වත්ත පාර මේ බදුල්ල පාර කල්තොට පාර ජාතික පාසල ඇරුණහම අනෙක් ඔක්කොම අයිති පලාත් සභාවට.විශාල වැඩ කොටසක් කෙරෙන්නේ පළාත් සභාවෙන්.
"ඉස්කෝලෙට ගුරුවරු නැහැ කියලා අපි ගාවට එනවා ඉතිං පළාත් සභා අනික් පැත්තේ තියෙන්නේ .ඉදිරි පළාත් සභා ඡන්දයේදී මං ඉදිරිපත් කරන අයට ඡන්දය දෙන්න.අපේ පළාත් සභාවක් පත් වුණොත් බය නැතිව වැඩ කරන්න පුළුවන් .අපේ රජය දේශපාලන වාසි ගන්න වැඩ කළා නම් හංදියක් හංදියක් ගානේ ලක්ෂ පහක් වැය කරලා පනස් දහසකින් විතර බෝඩ් ගහන යුගයක් හදන්න තිබුණා.අපි ඒවා කරන්නේ නැහැ .එහෙම කරන්නේ නැති නිසා වෙන වැඩ ජනතාව දන්නේ නැහැ.අපි ආණ්ඩු දෙකක් වසර 20 කින් නොකළ වැඩ වසර තුන හමාරක් තුළ සිදු කළා.ලක්ෂ දහ දාහක ජල ව්‍යාපෘතියක් මේ ප්‍රදේශයට අපි ගෙන ආවා.සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා ඇවිල්ලා මේ අල්ගමත් උදා ගම්මානයක් විවෘත කළා .මේ හැම එකක්ම ඔයාලා දන්නේ නැහැ .ඒකට හේතුව තමයි අපේ ප්‍රචාරණේ ප්‍රශ්න නිසා .අපිටත් අවුරුදු 20 ක් තිබුණා නම් තමුන්නාන්සේලාට අඩු පාඩුවක් වෙන්නේ නැති වෙන්න ප්‍රතිලාභ අහිංසක ජනතාවට යන විදිහට වැඩ කරනවා.අවුරුදු තුන හමාරක් තුළ කරපු දේවල් ගැන අපිට සතුටු වෙන්න පුළුවන්.මේ ප්‍රදේශවල ජනතාවගේ තේ දළු ටික ගෙනියන්න පාරවල් හදන්න ඕන.අපි බරපතල විදිහට මේ රටේ තියෙන දුප්පත්කම නැති කරන්න කටයුතු කරනවා"යැයිද ඇය වැඩිදුරටත් පැවසිය.
No comments:
Post a Comment