පසුගිය 03 වැනි දින පස්වරුවේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ නිවසේදී හමු වී තිබුණු අතර ඔවුන් නැගූ ඇතැම් ප්‍රශ්න ගැන කතා කළ හොත් ආණ්ඩුවේ අය තමන් සමඟ අමනාප වන බවයි ඔහු කියා සිටින්නේ.
කෙසේවෙතත් බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් තමන්ට විරුද්ධව කිසිදු චෝදනාවක් නොමැති අතර අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට අධිකරණයේ නඩු පැවරිය හැකි බවද වික්‍රමසිංහ මහතා සඳහන්කරයි.
එම බැඳුම්කර ගණුදෙනුවේ වංචාවක් සිදුව නැති නමුත් වරදක් වීමට ඉඩ තිබෙන බව හෙතෙම ප්‍රකාශ කරයි.
මෙහිදී ප්‍රධානම ප්‍රශ්නය වුණේ එවකට මහ බැංකු අධිපති සහ පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයාගේ දැන හැඳුනුම්කම සහ ඒ මත නොයා යුතු පුවතක් පර්පෙචුවල් වෙත ගොස් ඇති බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියි.
නිවුස් වෙබ්


No comments:
Post a Comment