ශ්‍රී ලංකා මහ බැංකුවට හොර පාරෙන් අභ්‍යාසලාභීන් බඳවාගෙන. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 28, 2019

ශ්‍රී ලංකා මහ බැංකුවට හොර පාරෙන් අභ්‍යාසලාභීන් බඳවාගෙන.

Loading...
ශ්‍රී ලංකා මහ බැංකුවට කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේදී ප්‍රථමයෙන් ප්‍රසිද්ධ කළ ආකාරයට පටහැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් අයැදුම්කරුවන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි ඔවුහු මුදල් ඇමැතිට, විගණකාධිපතිට හා ජනපතිට පැමිණිලි කර ඇත.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන තරග විභාගයකින් පසු සම්මුඛ පරීක්ෂණයක් පවත්වා බඳවා ගැනීම් සිදු කරන බව මහ බැංකුව ප්‍රසිද්ධ කළ දැන්වීමේ සඳහන් විය. එහෙත් සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරවම මේ වන විට අදාළ පුරප්පාඩු සම්පූර්ණ කර තිබේ.
උක්ත විභාගය 2018.06.17 දින පවත්වා තිබෙන අතර අපේක්ෂා කළ මට්ටමට ලකුණු ලබාගත් අයැදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට යොමු කොට අවශ්‍ය කුසලතා සම්පූර්ණ කර ඇති පිරිසට පත්වීම් ලබා දිය යුතු වුවත් එය එසේ සිදු කර නැත.
විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා ලද ප්‍රතිඵල ලේඛනයට අනුව කිසිදු විනිවිදභාවයකින් තොරව ශ්‍රී ලංකා මහ බැංකුවට අභ්‍යාසලාභී කළමනාකරුවන් විශාල පිරිසක් බඳවාගෙන තිබේ.
අසාධාරණයට ලක්වූ අයැදුම්කරුවන්ගේ සංවිධානය ඉල්ලා සිටිනුයේ මෙහිදී සිදුව ඇති වරද නිවැරැදි කර ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ම අයැදුම්කරුවන්ට දැනුම් දී තිබූ පරිදි බැංකුවේ උත්තරීතර අරමුණු සාක්ෂාත් කළ හැකි මානව සම්පත් බැංකුවට එකතු කර ගැනීම සඳහා විනිවිද භාවයෙන් යුතු ක්‍රියාමාර්ග අනුගමනය කොට අසාධාරණයට ලක්වූ අයැදුම්කරුවන්ට සාධාරණය ඉටු කර දෙන ලෙසය.
-Mawbima newspaper

No comments:

Post a Comment

Post Bottom Ad