පාකිස්‌තානයේදී අල්ලාගත් ගුවන් නියමුවා ඉන්දීය සූර්ය කිරන් ගුවන් කරණම් කණ්‌ඩායමට සම්බන්ධයි,පාකිස්‌තානය හෙළිකරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 28, 2019

පාකිස්‌තානයේදී අල්ලාගත් ගුවන් නියමුවා ඉන්දීය සූර්ය කිරන් ගුවන් කරණම් කණ්‌ඩායමට සම්බන්ධයි,පාකිස්‌තානය හෙළිකරයි

Loading...
පාකිස්‌තානයේදී බිම හෙළනු ලැබූ ඉන්දීය යානාවේ නියමු වින්ග් කමාන්ඩර් අබිනන්දන්ට කාශ්මීර් වැසියන් පහර දෙමින් ඇදගෙන ඒමේ සිද්ධිය ගැන ඉන්දීය ජනතාව කෝපයට පත් වී ඇත.

 එහෙත් පාකිස්‌තානය පවසන්නේ සිරකරුවන්ගේ අයිතිය මත ඔහුට උපරිම ලෙස සැලකූ බවයි. අබිනන්දන් පැදවූ මිග් 21 ප්‍රහාරක යානාව පාකිස්‌තාන් දේශසීමාව තුළ දී වෙඩි ප්‍රහාරවලට ලක්‌වී කඩාවැටී ඇත.

 එම යානාව කඩාවැටුණු ප්‍රදේශයේ සිටි කාශ්මීර් ජාතිකයන් විසින් පහර දෙන අවස්‌ථාවේ හමුදාව මැදිහත් වී ඔහු බේරාගෙන තිබේ.

 මෙම මිග් යානාවේ තිබී රහස්‌ ලියවිලි කීපයක්‌ද පාකිස්‌තානය සොයාගෙන ඇත.

 මේ අතර නියමු අබිනන්දන් පැවසුවේ පාකිස්‌තාන හමුදාව තමන්ට හොඳට සැලකූ බවයි. 

 පාකිස්‌තාන හමුදාව අබිනන්දන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු තමා පැදවූ යානාව කුමක්‌දැයි හෙළිකර නැත.

 පාකිස්‌තාන් ගුවන් හමුදාව පැවසුවේ අත්අඩංගුවට ගනු ලැබූ නියමුවා ඉන්දීය සූර්ය කිරන් ගුවන් කරණම් කණ්‌ඩායමේ දක්‍ෂ නියමුවකු බවට හෙළිවූ බවයි.

 මෙම නියමුවා වහාම ඉන්දීය රජයට ලබාදෙන ලෙස ඉන්දීය බලධාරීන් පාකිස්‌තාන් රජයෙන් ඉල්ලා තිබේ.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad