නයිවල ළමා උද්‍යානය තහනම් - හිමිකරු පළාගිහින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 4, 2019

නයිවල ළමා උද්‍යානය තහනම් - හිමිකරු පළාගිහින්

ඔක්ටොපස් නමැති උපකරණ කොටසක් කඩා වැටීමෙන්  දහතුන් හැවිරිදි දැරියක සහ ඇගේ මව මිය ගිය සිද්ධියට  අදාළ  වේයන්ගොඩ නයිවල ‘නිව් සැනිරෝ ඩ්‍රීම් පැරඩයිස්‘  ළමා උද්‍යානය  තාවකාලිකව  තහනම්
කිරීමට අත්තනගල්ල මහෙස්ත්‍රාත්  අශෝකා පතිරණ මහත්මිය අද නියෝග කළාය.
සිද්ධිය වු ස්ථානයට ගිය මහෙස්ත්‍රාත්වරිය එහි මුලික පරීක්ෂණ සිදු කිරීමෙන්   අනතුරුව මෙම  නියෝගය  නිකුත්  කළාය.
සිද්ධියට අදාල පුද්ගලයින්  අත්අඩංගුවට
ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය වේයන්ගොඩ පොලීසියට  නියෝග කළාය.
මෙම සිදු වීමෙන් පසු මේ වනවිට යන්ත්‍ර ක්‍රියාකරු කළමනාකරු ඇතුළු 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති නමුත් එම උද්‍යානයේ හිමිකරු පළා ගොස් ඇති බව වාර්තා විය.  ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ  අරඹා ඇත.
ඊයේ  (04)  සවස මෙම අනතුර සිදු වී මව  රෝහලට ඇතුළත් කිරිමේදී මිය ගිය අතර දියණිය  අද (05) රෝහලේදී  මිය ගියාය.

සිද්ධිය පිළිබඳ වැඩි විස්තර පෙර ලිපිවලින්

No comments:

Post a Comment

Post Bottom Ad