මෛත්‍රී, මහින්ද, රනිල් ව්‍යවස්ථාව උල්ලංගණය කරන ප්‍රජාතන්ත්‍රවිරෝධී නායකයන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 7, 2019

මෛත්‍රී, මහින්ද, රනිල් ව්‍යවස්ථාව උල්ලංගණය කරන ප්‍රජාතන්ත්‍රවිරෝධී නායකයන්

මෛත්‍රී, මහින්ද, රනිල් ව්‍යවස්ථාව උල්ලංගණය කරන ප්‍රජාතන්ත්‍රවිරෝධී නායකයන්

මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යනු තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් කිසිදු හිරිකිතයක් නොමැතිව ව්‍යවස්ථාව උල්ලංගණය කරන ප්‍රජාතන්ත්‍රවිරෝධී නායකයන් බවත් ඔවුන්ට කිසිදු සදාචාරයක් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (7) පස්වරුවේ පැවති මාධ්‍ය හමුව අමතමින් අනුර දිසානායක මහතා මේ බව පැවසූවේය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති ජාතික ආණ්ඩු යෝජනාවද එලෙසම තමන්ගේ පක්ෂ අභ්‍යන්තර අර්බුද විසඳා ගැනීම සඳහාත් ජනතා දේපල, ජනතා මුදල් මතින් වරදාන වරප්‍රසාද භුක්ති විඳීම සඳහා නඩයක් පත්කරගැනීමක් බවත් එය පරාජය කළ යුතු බවත් අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ හැර අනෙකුත් සියළුම පක්ෂ මෙම ජාතික ආණ්ඩු යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබියදීත් එම යෝජනාව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළද එල්ලවූ විරෝධතා හමුවේ මේ වනවිට එය අකුළාගැනීමට ආණ්ඩුවට සිදුවූ බවත් එය ඉදිරියේදී ගෙනඑන්නේනම් පරාජයට පත් කිරීමට අදාළ අරගලය දියත් කරන බවත් අනුර දිසානායක මහතා අවධාරණය කළේ ය.

 

No comments:

Post a Comment

Post Bottom Ad