යාපනයේ තෙන්මරච්චි චාවාකච්චේරී ප‍්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 77ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම උතුරේ ක‍්‍රියාකාරී දේශපාලනඥයින් දෙදෙනකුගේ පුතුන් දෙදෙනකු බවට තොරතුරු හෙළි වී තිබේ.
යාපනය පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක විසින් ඔවුන්ට ලැබුණු ඔත්තුවක් මත මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ 4 වැනිදා රාත‍්‍රී අටට පමණය.
යාපනයේ තෙන්මරච්චි ප‍්‍රදේශයේ පදිංචි තංගරාසා නිෂාන් (25) හා ගුණසේකරන් රාගු (32) යන මෙම සැකකරුවන් දෙදෙනා උතුරේ ක‍්‍රියාත්මක දෙමළ දේශපාලන පක්ෂ දෙකක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුගේ පුත්තු වෙති.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මෙම සැකකරුවන් දෙදෙනාගේම පියවරුන් එම දේශපාලන පක්ෂ දෙකෙන් යාපනයේ පේදුරුතුඩුව ප‍්‍රාදේශීය සභාව සඳහා මන්ත‍්‍රීවරුන් ලෙස තේරී පත් වූහ.
මෙම සැකකරුවන් දෙදෙනා කේරළ ගංජා තොගය සමග පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසුව ඔවුන් නිදහස් කරවා ගැනීමට එම පක්ෂ දෙකේ නායකයින් ලවා පොලිසියට විශාල බලපෑමක් සිදුකොට තිබේ. නමුත් පොලිසිය වහාම ඔවුන් චාවාකච්චේරි මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරමින් ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කොට ඇත.
මේ අතර උතුරේ පමණක් නොව මුළු රටේම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සමඟ උතුරු - නැඟෙනහිර දේශපාලනඥයන් සිටින බව අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය මන්නාරමේදී පැවැසුවාය.
අමාත්‍යවරිය මේ බව පැවැසුවේ මන්නාරම අඩම්පන් මහා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,
"දේශපාලනඥයන්ගේ වාහන පරීක්‍ෂා කිරීමක් සිදු නොකරන නිසා ඉතා පහසුවෙන් මත්ද්‍රව්‍ය ඔවුන්ට අවශ්‍ය ස්ථානවලට රැගෙන යාමට අවස්ථාව උදා වී තිබෙනවා. මත්ද්‍රව්‍ය සඳහා මේ වන විට උතුරු පළාත මධ්‍යස්ථානයක් බවට පත්වෙලා. ඒ උතුරු පළාත ඉන්දියාවට ඉතාම ආසන්නයේ පැවැතීමත් ඉන්දියාවේ සිට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය උතුරු පළාතේ විවිධ ස්ථානවලට ළඟා වීමත් නිසා".
"ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමට කුමන වැඩසටහන් ක්‍රියාත්මක කළද උතුරු - නැඟෙනහිර දේශපාලනඥයන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නම් එම වැඩපිළිවෙළවලින් කිසිදු ප්‍රයෝජනයක් නෑ. මේ සඳහා ජනතාවට හා විශේෂයෙන්ම පාසල් සිසුන්ට කළ හැකි වන්නේ මත්ද්‍රව්‍ය පිටුදකිමින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවී සිටීම පමණයි".
Thursday, February 7, 2019
ගංජා සමඟ මාට්ටු වූ දෙදෙනාම දේශපාලන පුත්තු
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment