පාකිස්ථානය ඉන්දියානු ගුවන් යානා දෙකක් බිම හෙළයි න්‍යෂ්ටික බල අසල්වැසියන්ගේ අරගලය ලංකාවටද අවදානමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

පාකිස්ථානය ඉන්දියානු ගුවන් යානා දෙකක් බිම හෙළයි න්‍යෂ්ටික බල අසල්වැසියන්ගේ අරගලය ලංකාවටද අවදානමක්

https://www.gossiplankanews.com/2019/02/kashmir-india-pakistan-aircraft.html
මේ වනවිට ඉන්දියාව හා පකිස්තානය අතර ඇතිව තිබෙන යුදමය තත්වය තවත් උග්‍ර අතට හරවමින් ඉන්දියානු යුද ගුවන් යානා 2 ක් වෙත පාකිස්තානය අද ප්‍රහාර එල්ලකර තිබෙන බවත් එම යානා දෙක කඩා වැටී ඇති බවත් වාර්තාවේ.
පාකිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ගුවන් යානා දෙකක්
පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් බිම හෙළන ලදැයි ඔවුන් දන්වා ඇත.
ඊයේ(26) උදෑසන ඉන්දීය ගුවන් යානා පාකිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කර කාශ්මීරයේ පාකිස්තාන පාලන ප්‍රදේශයෙහි පිහිටි ත්‍රස්ත කඳවුරක් යයි සැක කෙරෙන ස්ථානයකට පහර දී තිබුණි.මිරාජ්-2000 වර්ගයේ ගුවන් යානා 12 ක්

මගින් කිලෝ ග්‍රෑම් 1000 බෝම්බ එම ස්ථානයට පතිත කළ බව ඉන්දියාව පවසා තිබුණි.

මෙයට එකට එක කිරීමක් හා තම සීමාව උල්ලංඝනය කිරීමට ආරක්ෂාකාරී පියවරක් ලෙස අද පාකිස්තානු ප්‍රහාරය දියත්ව ඇත.
මෙම ප්‍රහාරය ඉන්දියාව තහවුරු කර නැති නමුත් පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසිෆ් ගෆූර්  සඳහන් කරන්නේ යානා දෙකකට පහරදුන් බවත් ඉන් එකක් ජම්මු සහ කාශ්මීර් හි ඉන් දීය පාලන ප්‍රදේශයට වැටුණ බවත් අනෙක තම පකිස්තාන පල ප්‍රදේශයට වැටුණ බවයි.නියමුවෙකු අත්අඩංගුවට ගත් බවද දන්වා ඇත.


ඉන්දියානු ගුවන් හමුදාවේ මිග්-21 ගුවන් යානයක් කාෂ්මීරයේදී කඩා වැටී  ඇති බව රොයිටර් පුවත් සේවයද වාර්තා කර තිබේ.
මෙම සිදුවීමෙන් එහි නියමුවා, සහය නියමුවා සහ සිවිල් වැසියකු මියගිය බවද දන්වා ඇත.ජම්මු සහ කාෂ්මීරයේ බුද්ගාම් ප්‍රදේශයේදී මෙය වාර්තාවී ඇති බව රොයිටර් දන්වා ඇත.

පසුගිය පෙබරවාරි 14 වැනි දින කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයක්වන පුල්වාමා හි ඉන්දීය ආරක්ෂක භට පිරිසකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මෙම සියලප්ල ආරම්භ වන්නේ එයින් පසුය.
ඉන්දියාව මෙන්ම පාකිස්තානය න්‍යෂ්ඨික අවි භාවිත කරන රටවල් වීමත් ලංකාවට අසල්වාසීන් විමත් නිසා මේ ගැන විහේෂ අවදානමක් මෙන්ම විමසිල්ලක් යොමුව තිබේ.
 කාශ්මීරයේ අද ඇති වූ සිද්ධීන් හි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ සහ පාකිස්තානයේ ආරක්ෂක ප්‍රධානීන් හදිසි විශේෂ රැස්වීම් කැඳවා ඇත.
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සිය නිල නිවසෙහි විශේෂ ආරක්ෂක රැස්වීමක්ද පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ද එරට න්‍යෂ්ටික කටයුතු පිළිබඳ විශේෂ කමිටුව රැස් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය මගින් දකුණු ආසියානු අසල්වැසියන් අතර සාමකාමී ලෙස මෙම ගැටලු විසඳාගැනීම අපේක්ෂා කරන බවට නිවේදනයක්ද අද දෙරටට යවා තිබේ.




No comments:

Post a Comment

Post Bottom Ad