වතු ජනතාවගේ ආර්ථිකය නංවාලීමට කටයුතු කරන බවට අගමැතිගෙන් පොරොන්දුවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 24, 2019

වතු ජනතාවගේ ආර්ථිකය නංවාලීමට කටයුතු කරන බවට අගමැතිගෙන් පොරොන්දුවක්

වතු ජනතාවගේ ආර්ථිකය නංවාලීමට කටයුතු කරන බවට අගමැතිගෙන් පොරොන්දුවක්

වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහල දැමිමටත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරිමටත්, වත්මන් රජය යටතේ කටයුතු කරන බව අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

අග්‍රාමාත්‍යයවරයා එ බැව් කියා සිටියේ ඉන්දියානු හා ශ්‍රි ලංකා රජයේ රු මිලියන 175 වියදමින් බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ ඉදි කල වතු නිවාස 155 ක් ඊයේ (24)  වතු කම්කරු අයිතියට පත් කිරිමෙන් අනතුරුව එම වතුයායේ ක්‍රිඩාංගණයේදි පැවති ජන හමුව අමතමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට තිබෙන අයිතිවාසිකම් වතුකරයේ ජනතාවටත් ලබාදිමට එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කර ඇති බවයි.

බගවන්තලාව ප්‍රදේශයේ මැණික් කර්මාන්තය දියුණු කිරිමටත් සංචරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමටත් කටයුතු කරන බවද අග්‍රාමාත්‍යයවරයා පැවසිය.

වතුකරයේ ජනාතව වෙනුවෙන් ඉදිවන නව නිවාස යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාවට නැංවිම වත්මන් රජයේ අපෙක්ෂාව බවයි අග්‍රාමාත්‍යයවරයා කියා සිටියේය.

මෙම නිවාස යෝජනා ක්‍රමය වතු කම්කරු අයිතියට පත් කිරිමේ අවස්තාවට කදුරට නව ගම්මාන යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් , ශ්‍රි ලංකා ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින් සන්ධු මහතාද සහභාගි විය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

No comments:

Post a Comment

Post Bottom Ad