එජාපය ජාතික ආණ්ඩු යෝජනාව හකුලා ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 6, 2019

එජාපය ජාතික ආණ්ඩු යෝජනාව හකුලා ගනී

එජාපය ජාතික ආණ්ඩු යෝජනාව හකුලා ගනී
ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව අද(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත. 
 
පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ ( 06) රාත‍්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.
 
ජාතික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා වු යෝජනාව අද දිනයේ  විවාදයට ගැනිමට ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ නායක රැස්විමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කර තිබුනි.
 
එහෙත් එම අවස්ථාවේ අදාළ යෝජනාවට විපක්ෂයේ සියලු පක්ෂ විරෝධය පළ කල  බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය
 
කෙසේවෙතත් අද දිනයේ එය විවාදයට ගැනීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව තීරණය කළ අතර අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද එම යෝජනාව ඇතුළත් කර තිබේ.
 
කෙසේ නමුත් ඊයේ රාත්‍රීයේ රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අදාල ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගැන සිටිමට තීරණය කර ඇති බව සදහන් වේ

No comments:

Post a Comment

Post Bottom Ad