දියණියගේ පෙම්වතාගේ කන වෙන් වෙන්නම හැපූ මව රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 4, 2019

දියණියගේ පෙම්වතාගේ කන වෙන් වෙන්නම හැපූ මව රිමාන්ඩ්

බළන්ගොඩ නගරාසන්නයේ පිහිටි ප්‍රධාන පාසලක සිසුවකුගේ කන්පෙත්ත ගැලවී යන තරමට හපා කා කන්පෙත්ත රැගෙන පොලිසිය වෙත පැමිණි කාන්තාවක් හෙට (05දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිද්ධියක් බළන්ගොඩ වැලිගෙපොල ප්‍රදේශයෙන් වාර්තා විය. පොලිසිය කරන ලද පරීක්ෂණ අනුව සිද්ධිය
මෙසේය.

ඉහත කි පාසලේ 13 වසරේ
ඉගෙනුම ලබන පාසල් සිසුවකු හා සිසුවියක අතර ප්‍රේම සබඳතාවක් පැවැතිණි. ඉකුත්දා (01දා) තම මවුපියන් ගමනක් යන බැවින් නිවෙසේදී හමුවීමට පැමිණෙන ලෙස පෙම්වතාට ඇරැයුම් කර ඇත. ඒ අනුව මොහු වැලිගෙපොල ප්‍රදේශයේ නිවෙසට ගොස් සිටියදී පස්වරුවේ සිය මව නිවෙසට පැමිණ ඇත්තේ මොවුන් නොසිතූ අන්දමින්ය.

මෙහිදී තම දියණියගේ පෙම්වතාට මව පහරදී ඔහුගේ වම් කන්පෙත්ත ඉවතට යන අයුරින් සපා කා ඇත.

පෙම්වතා වහාම බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටියදී පෙම්වතියගේ මව කන්පෙත්තද රැගෙන වැලිගෙපොල පොලිසියට ගොස් සිද්ධිය පවසා තිබේ. වහාම පොලිසිය කනේ කොටස බළන්ගොඩ මූලික රෝහලට යැවූ නමුත් එය බද්ධ කිරීමට සුදුසු තත්ත්වයේ තිබී නැත.

මෙම කාන්තාව බළන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ දේශබන්දු සූරියපටබැඳි මහතා හමුවට ඉදිරිපත් කරන ලදුව හෙට (05දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියෝග කෙරිණි. වැලිගෙපොල පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

බළන්ගොඩ _ පියසේන එන්. හේවගේ කල්තොට _ එස්. වීරවංශ

No comments:

Post a Comment

Post Bottom Ad