මීලග ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකද? - මහ බැංකු අධිපති මාධ්‍ය හමුවේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 19, 2022

මීලග ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකද? - මහ බැංකු අධිපති මාධ්‍ය හමුවේ

මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස තරග වැදීමට සූදානමක් ඇතැයි පැවසෙන වාර්තා පිළිබඳව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අදහස් පළ කරයි.

දිවයින පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවක දී ඒ මහතා මෙසේ අදහස් පළ කර තිබේ. 
“මහ බැංකු අධිපති විදියට හෝ වෙන කිසිම ආකාරයකට මගේ කිසිම වෙලාවක කිසිම කාලෙක දේශපාලනයේ, පක්ෂ දේශපාලනයේ හෝ මොනම දේශපාලනයක යෙදීමට කිසිම බලාපොරොත්තුවක් නැහැ. එහෙම අදහසක් මගේ ඇත්තෙම නැහැ.

ඇත්තවශයෙන්ම මගේ අදහස මහ බැංකු අධිපති කෙනෙකුට ඒ වගේ අදහසක් නොතිබිය යුතුයි. එහෙම කියන්න හේතුවක් තියෙනවා.

මහ බැංකු අධිපති කෙනෙක් කියන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන වගකීම තියෙන පුද්ගලයා. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ජනප්‍රිය තීන්දු නෙමෙයි ගන්න තියෙන්නේ. අපි පොලී අනුපාතය වැඩි කළා. ජනප්‍රිය නැහැ. හුඟදෙනෙක් අකමැතියි ඒකට.

නමුත් මම දේශපාලනය කරන්න බලන් ඉන්න පුද්ගලයෙක් නම්, මම ඒ තීන්දුව ගන්නේ නැහැනේ. මට ඕනෑ ජනප්‍රිය තීන්දු ගන්න. ඒ නිසා තමයි පළවෙනි මූලධර්මය මහ බැංකු අධිපති කෙනෙක් ස්වාධීන වෙන්නේ ඕනේ. මහ බැංකුවත් ස්වාධීන වෙන්නෙ ඕනේ. පත් කරන පුද්ගලයත් ස්වාධීන වෙන්නේ ඕනේ. පත්වන පුද්ගලයා දේශපාලනය නොකරන පුද්ගලයෙක් වෙන්න ඕන. දේශපාලනය කිරීමට බලාපොරොත්තුවක්වත් නැති පුද්ගලයෙක් වෙන්න ඕනේ. එතකොට තමයි මහ බැංකුවක ස්වාධීනය නිවැරදි, ජනප්‍රිය හෝ ජනප්‍රිය නොවන තීන්දු ගන්න පුළුවන් වෙන්නේ. ඒක මූලික අවශ්‍යතාවයක්. එහෙම තියෙන පුද්ගලයෙක් මහ බැංකු අධිපති නොවිය යුතුයි, කිසිම දවසක. ඒ වෙච්ච නිසා තමයි අද අපිට මේ තත්ත්වෙ වෙලා තියෙන්නේ කියන එක තමයි මගේ අදහස.

මම මහ බැංකු අධිපති කෙනෙක් විදියට මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේක කවදාවත් කරන්නේත් නැහැ”


No comments:

Post a Comment

Post Bottom Ad