මදුෂ් අමල් නදීමාල් ඇතුළු පිරිස තවත් මාසයක් ඩුබායි බන්ධනාගාරයේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 28, 2019

මදුෂ් අමල් නදීමාල් ඇතුළු පිරිස තවත් මාසයක් ඩුබායි බන්ධනාගාරයේ


පසුගියදා මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමෙන් පසු අද 28 දක්වා ඔවුන්  31 දෙනෙකු එරට රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර අද උසාවියට යොමු කිරීමෙන් පසු ඔවුන් ගැන තිරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

ඒ අනුව ඩුබායිහි සිටින
ශ්‍රී ලාංකික නියෝජිතයින් දන්වා ඇත්තේ  මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිස තවත් මාසයක කාලයක් ඔවුන් සිටි ආකාරයටම රක්ෂිත බන්ධනාගාරයේ තබා ප්‍රශ්න කිරීමට කාලය ලබාගන්නා ලෙස අධිකරණය දැනුම් දුන් බවයි. ඒ අනුව අමල් නදීමාල්ද එම තීන්දුව ප්‍රකාරව ලබන මාර්තු 28 දක්වා රැඳවුමේ තැබෙනු ඇත.

අමල් නදීමාල් වෙනුවෙන් නීතීඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා නීතී උපදෙස් සැපයූ අතර ඔහු මුලින් ඔවුන් ගැන සොයා බලා නැවත ලංකාවයට පැමිණ සිටියේය. ඔහු නැවත ලබන 2 වනදා ඩුබායි වෙත යනු ඇති බවද වාර්තා විය.

ඔහුද මින් ඉහත දන්වා සිටියේ අමල් නදීමාල් ඇතුළු අයට මේ ආකාරයට මාසයක රැඳවුම් දීර්ඝකිරීමක් ලැබෙනු ඇති බවකි.
කෙසේ වෙතත් මාකඳුරේ මදුෂ් ඇතුළු මත් ජාවාරම් කරුවන් සම්බන්ධයෙන් ඊළඟ මාසයෙන් පසු ගන්නා තීරණය අමල් නදීමාල්ට වඩා වෙනස් එකක් වනු ඇතැයි ඩුබායි ආරංචි හෙළි කරයි.
ගතවූ දෙසතිය තුළ පමණක් ඩුබායිහි මත්ජාවාරම් කරුවන් 10 කට ආසන්න පිරිසක් ජීවිතාන්ත සිරදඩුවමට ලක්කර තිබූ බවද එරට මාධ්‍ය වාර්තා දක්වා තිබේ. මදුෂ්,ඉම්රාන් ඇතුළු පිරිසට එම ඉරණම අත්වනු ඇතැයිද ආරංචි පළව තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad