ඥානසාර හිමි නිදහස් දිනයේ නිදහස් නොකෙරේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 3, 2019

ඥානසාර හිමි නිදහස් දිනයේ නිදහස් නොකෙරේ

 71 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරගත වූවන් 518 දෙනකු නිදහස් කරන්නට ජනපතිගේ අනුමැතිය
යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව
පියවර ගෙන ඇති නමුත් පසුගිය දිනවල ආන්දෝලනාත්මක කථාබහකට මුලපිරූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම එකී ලේඛනයට ඇතුළත් නැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පැවැසීය.

මුලින් නිදහස් කර හැරීම සඳහා සිරගත වූවන් 545 දෙනකු තෝරාගෙන සිටි නමුත් ඉන් 27 කට එරෙහිව තවත් නඩු කටයුතු තිබීම හේතුවෙන් ඔවුන් ගේ නිදහස් කිරීම අවලංගු කර 518 ක් පමණක් නිදහස් කරන්නට තීරණයවී ඇත.

සිරකරුවන් පන්සිය දහහතර දෙනකු සහ සිරකාරියන් හතර දෙනකු මෙලෙස නිදහස ලබා ඇත්තේ සුළු වැරැදි සම්බන්ධයෙන් සිරගත වූවන් වීම නිසාය.මේ අය අද පෙරවරු 11.30ට පමණ නිදහස් කිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad