කුඹුරක ගොවීන්ට බාධා කළ විශාල නාගයා ඇල්ලූ මෙහෙයුම - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

කුඹුරක ගොවීන්ට බාධා කළ විශාල නාගයා ඇල්ලූ මෙහෙයුම

යාපනයේ වලිකාමම් නැගෙනහිර පළාතේ කුඹුරු යායට විශාල නාගයෙකු පැමිණීම නිසා එම කුඹුරු යායේ ගොවීන්ට අස්වැන්න නෙළාගැනීමට නොහැකි තත්වයක් පසුගිය සතියේදී ඇතිවිණි.

 නාගයාට
ඇති බිය නිසා එම කුඹුරු යායේ අස්වැන්න නෙළීමට යෑමටද බොහෝ දෙනෙකු බිය වී අස්වැන්න නෙළීමේ කටයුතුද අතහැර දමා තිබුණි. වනජීවී නිලධාරීන්ට මේ පිළිබදව දැනුම් දීමෙන් පසුව ඔවුන් පැමිණියද විශාල නාගයා අල්ලා ගැනීමට නොහැකි වී තිබේ.

 කෙසේ හෝ කුඹුරු වල අස්වැන්න නෙළීමට අවශ්‍ය නිසා වළිකාමම් පළාතේ ගොවීන් පිරිසක් දින දෙකක් මුළුල්ලේ මහන්සි වී එම විශාල නාගයාව අල්ලා ගෙන තිබේ.

 ගොවීන් විසින් අල්ලා ගන්නා ලද එම නාගයා සැතපුම් හැටක් පමණ දුර පිහිටි මන්නාරම කැළයට රැගෙන ගොස් මුදා හැර තිබේ. නාගයා කැළෑවට රැගෙන යෑමෙන් පසුව වළිකාමම් පළාතේ කුඹුරු යායේ අස්වැන්න නෙළීමේ කටයුතු ගොවීන් විසින් ආරම්භ කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad