"කොකේන් පානය කරන අය ගැන ප්‍රසිද්ධියේ කියන්න" - මහින්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 19, 2019

"කොකේන් පානය කරන අය ගැන ප්‍රසිද්ධියේ කියන්න" - මහින්ද

කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරු සිටියි නම් එය ප්‍රසිද්ධියේ සඳහන් කළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ස මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකට ඊයේ (19) තංගල්ලේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ කොකේන් ගහන කට්ටිය ඉන්නවානම් ප්‍රසිද්ධියේ කියන්න ඕන. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම චෝදනා කරන්න බෑ. කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලු දෙනාටම චෝදනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් ඒ අය දැනගන්න ඕන බේරගන්න. කොකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකෙන් නැති කරන්නේ” 

No comments:

Post a Comment

Post Bottom Ad