මධූෂ් සමඟ සිටින හවුල්කරුවන් සොයා මෙහෙයුම් අඛණ්ඩව - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 10, 2019

මධූෂ් සමඟ සිටින හවුල්කරුවන් සොයා මෙහෙයුම් අඛණ්ඩව

මධූෂ් සමඟ සිටින හවුල්කරුවන් සොයා මෙහෙයුම් අඛණ්ඩව
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ මෙරට සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ.
 
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව මෙම මෙහෙයුම් සිදු කරයි.
 
ඊයේ(10) දිනයේදී අන්දරවත්තේ චාමර නැමති පාතාල නායකයා මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදි පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගැනුණි.
 
පොලීසිය පැවසුවේ මාතර දිස්ත්‍රික්කය තුළ සිටින මාකඳුරේ මධුෂ්ගේ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
 
ඩුබායි පොලීසියද මාකඳුරේ මධුෂ් ඇතුලු සෙසු පාතාල නායකයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
 
එසේම මාකදුරේ මධූෂ්ගේ ඩුබායි සාදයේ සිට පැන ගිය ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු වන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තාව ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad