මධූෂ්ව මෙරට නීතියේ ක්‍රියාදාමයට ගෙන ආ යුතුයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 10, 2019

මධූෂ්ව මෙරට නීතියේ ක්‍රියාදාමයට ගෙන ආ යුතුයි

මධූෂ්ව මෙරට නීතියේ ක්‍රියාදාමයට ගෙන ආ යුතුයි

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදහස් පළ කළ අතර අමාත්‍යවරයා කියා සිටියේ  මධූෂ්ව ලංකාවට ගෙන ඒමට හැකිද යන්න පිළිබඳව රටේ කවුරුත් විමසිල්ලෙන් පසු වන බවයි.

එසේම විමල් වීරවංශ මන්ත්‍රීවරයාද මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූවේ පරීක්ෂණ සිදු කෙරෙන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් කිසිවෙකුත් නොදන්නා බවයි.

මාධ්‍ය ප්‍රකාශක මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු නොකර සිටින්නේ මන්ද යන්න පිළිබඳව විමසමින් ඔහු කියා සිටියේ වෙනදා මෙවැනි සිදුවීමක් සිදු වූ විට මාධ්‍ය හමු ඔස්සේ මාධ්‍ය ප්‍රකාශක තොරතුරු ප්‍රකාශ කරන බවයි.

මෙරට නීතියේ ක්‍රියාදාමයට මධූෂ්ව ගෙන ආ යුතු බවද විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඔහු සමඟ සබඳතා පවත්වන ලද දේශපාලඥයන් සහ අනෙකුත් පුද්ගලයන් කවුද යන්න පිළිබඳව අනාවරණය කර ගත යුතු බවත් වැඩිදුරටත් ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad