කෙරවලපිටියේ LNG විදුලිබල ටෙන්ඩරය යළිත් අර්බුදයක - විගස පුවත් - Vigasapuwath

Sunday, February 24, 2019

කෙරවලපිටියේ LNG විදුලිබල ටෙන්ඩරය යළිත් අර්බුදයක

Loading...
ආන්දෝලනාත්මක කෙරවලපිටිය එල්එන්ජී බලාගාර ටෙන්ඩරය චීන සමාගමට ලබා දීම සඳහා ඇමැති රවි කරුණානායක මහතා ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවේ එම ටෙන්ඩරය ලබා දෙන්නේ කුමන මිලක් යටතේ ද යන්න සඳහන්ව නැතැයි විදුලිබල අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් මේ වන විට චීන සමාගමට අදාළ ටෙන්ඩරය පිරිනැමීමේ මෙම කැබිනට් පත‍්‍රිකාව නිසා විශාල අර්බුදයක් ඇතිවී තිබෙන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
රවි කරුණානායක ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ අදාළ කැබිනට් පත‍්‍රිකාවට ඉකුත් 12 වැනිදා ඇමැති මණ්ඩල අනුමැතියද හිමිව තිබිණි.
ඇමැතිවරයාගේ මෙම ඇමැති මණ්ඩල යෝජනාවට අනුව ජීසීඑල් වින්ඕෆෝර්ස් සහ රිනිව්ජෙන් යන සමාගම් සමූහය සමඟ ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට ද එළැඹීමට නියමිතව ඇත.
මේ සමගම විදුලිබල මණ්ඩලයේ උප සමාගමක් වන ලක්දනවි සමාගම සමඟ චීන සමාගමට වඩා අඩු මිලකට විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගත වීමට ද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
සාමාන්‍යයෙන් ඇමැතිවරයා අදාළ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කිරීමේදී විදුලිය මිලදී ගැනීම සඳහා චීන සමාගම සහ විදුලිබල මණ්ඩලය අතර ඇතිකර ගන්නා ගිවිසුමේ විදුලිය මිලදී ගැනීමේ ගාස්තු පිළිබඳ තොරතුරු මෙම ටෙන්ඩරයට අදාළ ඇමැතිවරයාගේ කැබිනට් පත‍්‍රිකාවේ ඇමුණුම් අංක 10 තුළ පැහැදිලිව අන්තර්ගතකර තිබිය යුතු බවද අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
එසේ වුවද ඇමැතිවරයා ඉදිරිපත් කළ අදාළ කැබිනට් පත‍්‍රිකාවෙන් චීන සමාගම සමග වන ගිවිසුමේ ඉතාම වැදගත් කොටස වන ගාස්තු පිළිබඳ තොරතුරු අන්තර්ගත කොටස ඇතුළත්ව නැතැයි ද වාර්තා වේ.
තත්ත්වය එසේ වුවද ලක්දනවි සමාගම සමඟ ඇතිකර ගන්නා ගිවිසුමේ ගාස්තු පිළිබඳ තොරතුරු නිවැරදිව එහි අන්තර්ගතකර ඇතැයිද ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කරයි.
ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවූ මෙම කැබිනට් පත‍්‍රිකාව සකස් කිරීමේදී චීන සමාගමට අදාළ කොටසින් ඉතාම වැදගත්වන ගාස්තු පිළිබඳ සටහන් ඉවත්ව ඇත්තේ අමාත්‍යංශ නිලධාරීන්ට සිදුවූ අතපසුවීමක් නිසාද එසේත් නොමැති නම් එකී ගාස්තු සටහන් නොකිරීමේ වෙනත් අරමුණක් ඇතිවදැයි යන්න පැහැදිළි කර නැත.
-Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *