"අල රංජි" STF මෙහෙයුමකින් අල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 21, 2019

"අල රංජි" STF මෙහෙයුමකින් අල්ලයි

හොරොයින් ග්‍රෑම් 3ක් පමණ ළඟ තබා ගෙන සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (21) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කෙසෙල්වත්ත පොලිස් වසමේ දී මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී සැකකරු සමඟ මන්නා පිහි දෙකක් ද අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරු වයස අවුරුදු 57ක් වු යසන්ත පටබැඳිගේ රංජිත් තිලකරත්න නොහොත් අල රංජි ලෙස හඳුන්වන බව පොලීසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ මාමණ්ඩිය වන බව ද අනාවරණය වී තිබේ.

සැකකරු මුදල් බලෙන් ලබා ගැනීමේ සිද්ධි ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad