ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 05ක් වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 1, 2019

ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 05ක් වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරති

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු
ඊයේ (28) සිය වත්කම්  සහ බැරකම් ප්‍රකාශ
මහජනයාගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන තිබේ. එම මන්ත්‍රීවරුන් වන්නේ, තාරක බාලසූරිය, වාසුදේව නානායක්කාර, එම්.ඒ. සුමන්තිරන්, විදුර වික්‍රමනායක සහ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ය.

මහජන නියෝජිතයන් වැඩි විවෘතභාවයකින් යුතුව ක්‍රියාකිරීම හරහා ජනතාව මහජන නියෝජිතයන් කෙරෙහි දක්වන විශ්වාසය ඉහළ නැංවී, ජනතාව කෙරෙහි මහජන නියෝජිතයන් දක්වන වගවීම සුරක්ෂිත වන බවට 'ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විශ්වාසය පළ කරයි. සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජනතාව අතට පත් කිරීමට අදාළ පාර්ලිමේන්තු නියෝජිතයන් පස් දෙනා ගත් නිර්භීත පියවර තම ආයතනයේ ප්‍රශංසාවට ලක්වන බව ' ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රීලංකා' ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා එම වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

-ශිවන්ති ප්‍රනාන්දු-

No comments:

Post a Comment

Post Bottom Ad