පාතලේ ‘දිනුක’ගේ සමීපතමයෙක් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 25, 2019

පාතලේ ‘දිනුක’ගේ සමීපතමයෙක් අත්අඩංගුවට

පාතලේ ‘දිනුක’ගේ සමීපතමයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්ත දිනුක නමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, කෙසෙල්වත්ත ඩයස් පෙදෙසේ ඊයේ පස්වරුවේ කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 200ක් ද සිය භාරයට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය පෙබරවාරි මස 17 වනදා කෙසෙල්වත්තේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් ද පොලීසියට අවශ්‍යව සිටි අයෙකි.

36 හැවිරිදි සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad