මේ සුළු කාලයටත් එජාපය ජාතික රජයකට යෑම විහිළුවක් - මහින්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 25, 2019

මේ සුළු කාලයටත් එජාපය ජාතික රජයකට යෑම විහිළුවක් - මහින්ද

මේ සුළු කාලයටත් එජාපය ජාතික රජයකට යෑම විහිළුවක් - මහින්ද

අවුරුදු හතරක් ජාතික රජයක් පත්කරගෙන රට පාලනය කළ එජාපය ඉදිරි සුළු කාලයට ජාතික රජයක් බිහිකළොත් එය තවත් හිනා යන කතාවක් යැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂය කුමන අයුරින් හෝ ජාතික රජයක් ඇති කරගත්තොත් වැඩක් කරන්න බැරි ආණ්ඩුවක් ලෙස ජනතාව සිතනු ඇතැයිද හෙතෙම පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

"අද ඇමැතිකම් දෙන්නේ පගාවට පන්දමට දක්‍ෂතා අනුව පළපුරුද්ද අනුව ඇමැතිකම් ලැබෙන්නේ නැහැ. ජාතික රජයක් යටතේ පසුගිය අවුරුදු හතර හරියට කරගන්නට බැරිවුණු මේ ආණ්ඩුව ආයෙත් ජාතික රජයක් කිරීමට යෑම හිනාවට කරුණක් වෙනවා. මිනිස්සු අද බලාගෙන ඉන්නේ ජාතික රජයක් එනතුරු නෙමෙයි. මහා ඡන්දයක් එනතුරුයි. එදාට ජනතාව පිළිතුරු දෙයි."

No comments:

Post a Comment

Post Bottom Ad