ජනපති ධූර කාලය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 22, 2019

ජනපති ධූර කාලය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ජනපති ධූර කාලය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ඉදිරි මැතිවරණය පිළිබඳ වත් ජනාධිපති ධුර කාලය පිළිබඳව නීතිමය කරුණු රැසක් මෙන්ම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා 22 දින දඹුල්ලේ දී අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපති වරයාගේ ධුර කාලය 2020 මැයි  මාසයේ 16 දින වනතුරු පවතින බව කිවේය .19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කතානායක වරයා එම ලියවිල්ල ට අත්සන් තැබුවේ 2015.මැයි 16 බැවින් එදා සිට වසර 5 කට බලය පවතින බව කිවේය .

ඒ  නිසා ඉදිරියේ දී  ජනාධිපතිවරණයක්  නොව  පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බවකිවේය .

මන්ත්‍රී වරයා මේ බව කිවේ දඹුල්ල ශ්‍රීලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායක යු .ආර් .දයානන්දසිරි මහතා නැවත සංවිධායක ධුරයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි .

බොහෝ දෙනෙකු   නොදන්නා වුවද නීතිමය කරුණු එසේ වියයුතු වන බවත් ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක  ධුර කාලය ගැන අධිකරණයේ මතය විමසීමකින් එය තහවුරු කරගැනීමට හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාත් ඒකරාශී කොට දිරි මැතිවරණ වලට මුහුණ දීමට අවශ්‍ය වටපිටාව මේ වනවිටත් සූදානම් කොට ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මේ පාර්ශව දෙක එකතු නොවුනහොත් මැතිවරණ ජය ගන්නට නොහැකි බව කිවේය.

No comments:

Post a Comment

Post Bottom Ad