කර්නල් රත්නප්‍රිය බන්ධු දේශපාලනයට? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 25, 2019

කර්නල් රත්නප්‍රිය බන්ධු දේශපාලනයට?

කර්නල් රත්නප්‍රිය බන්ධු දේශපාලනයට?

මුලතිව් විශ්වමඩු හමුදා කදවුරේ සේවය කළ කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා දේශපාලනයට පැමිණීමට සූදානමක් ඇතැයි මුලතිව් වැසියෝ කියා සිටිති.

කර්නල්වරයාගේ කතා බහෙන් ඒ බව වැටහී ගොස් ඇති බවත් ඔහු විදේශීය සංවිධානයක් සමග සම්බන්ධ වෙමින් දේශපාලනයට පිවිසී මුලතිව් පළාතට සේවය කිරීම සදහා සූදානමින් සිටින බවටත් තොරතුරු ලැබී ඇතැයිද මුලතිව් වැසියෝ කියා සිටියහ.

ඔවුන් තවදුරටත් කියා සිටියේ කර්නල්වරයා මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නම් මුලතිව් වැසිටෝ ඔහුට සහය පලකරණ බවයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු ගණනාවක් මේ දිනවල දෙමළ මාධ්‍ය හරහාද පලවෙමින් පවතී.

මේ පිළිබදව කර්නල් රත්න්ප්‍රිය මහතාගෙන් තොරතුරු විමසීමට ඔහුව සම්බන්ධ කරගැනීමට උත්සහ කළ නමුත් ඒ උත්සාහය අසාර්ථක වූයේ ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිත වී තිබීම නිසාය.

(දිනසේන රතුගමගේ)

No comments:

Post a Comment

Post Bottom Ad