මහා ශිව රාත්‍රී දිනය අදයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 3, 2019

මහා ශිව රාත්‍රී දිනය අදයි

මහා ශිව රාත්‍රී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අද සමරනු ලබයි.

හින්දු දහම අනුව දෙවියන් අතුරින් ලොව බලවත් ම දෙවියන් තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ අසිරිමත් දිනය අද ය.

ලොව බලවත්ම දෙවියා පිළිබඳව විෂ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මතගැටුමේදි, ශිව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කිරණයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසී ය.

සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විෂ්ණූ දෙවියන්ට ත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසරකල මහා බ්‍රහ්මයාටත් දෙකෙළවර සොයා ගැනීමට නොහැකිවූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

ඒ අනුව, ලොව බලවත්ම ශීව දෙවියන් බවට හින්දු බැතිමතුන් විශ්වාස කරයි.

‍හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රි දිනය ලෙස සමරන්නේ ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන දිනයයි.

මේ අනුව, හින්දු බැතිමතුන් අද රාත්‍රීයේ සිට හෙට උදෑසන දක්වා ශීව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශීව රාත්‍රී දිනය සමරයි.

No comments:

Post a Comment

Post Bottom Ad