වසන්තත් රුධිර පරීක්ෂාවට සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 1, 2019

වසන්තත් රුධිර පරීක්ෂාවට සූදානම්

වසන්තත් රුධිර පරීක්ෂාවට සූදානම්

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයට අදාළව සියලුම මන්ත්‍රීවරුන් රුධිර පරීක්ෂාවක් සිදුකර ගන්නේනම් තමන්ද ඊට සුදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි. 

පොලොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

හැම පැත්තෙන්ම රට තුළ අද ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පෙන්වා දෙයි.

මේ වසර තුළ පාර්ලිමෙන්තුව තුළ බොරවට කථා කරමින් පමණක් නොසිට ජනතාව වෙනුවෙන් යමක් කිරීමට පමණ තම අභිලාශය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad