Loading...
පොලිස් අධිකාරීවරයකු විසින් නිකුත් කළ රඳවා ගැනීමේ නියෝග අනුව රඳවාගෙන ප්‍රශ්න කරන එම සැකකරුවන් 12 දෙනා අධිකරණයේ නිරීක්‍ෂණය සඳහා ලබන අප්‍රේල් 26 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය එහිදී කොළඹ අපරාධ කොට්‌ඨාසයට නියෝග කළාය.
ලැබුණු රහසිගත තොරතුරක් අනුව පොලිස්‌පතිවරයාගේ නියෝග මත සිදුකළ විමර්ශනයේදී කිළිනොච්චි ප්‍රදේශයේ පදිංචි එක් සැකකරුවකුගේ නිවස ආසන්නයේ සුරක්‍ෂිතව වළ දමා තිබූ ජීව ක්‌ලේමෝ බෝම්බයක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් ද්‍රවිඩ ජාතික සැකකරුවන් විසින් ඒ ආකාරයෙන් පාතාල කල්ලි සාමාජිකයන් හට මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝල පහක් හා තවත් ගිනි අවි රැසක් අලෙවි කොට ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පැවසූහ.
මේ වනවිට විදේශගතවී සිටින හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසකගේ උපදෙස් මත එක්‌තරා ද්‍රවිඩ ජාතික ක්‍රියාකාරී දේශපාලනඥයකු ඝාතනය කිරීම සඳහා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති ජීව ක්‌ලේමෝ බෝම්බය සහ ගිනි අවි භාවිත කරන්නට සැලසුමක් ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පැවසූහ. එම සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ ඉදිරි විමර්ශන සිදුකරන බව ද විමර්ශන නිලධාරීන් එහිදී අධිකරණයට දැන්වූහ.
එම සැකකරුවන් සියලු දෙනාම Rජුවම එම ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් දැයි එහිදී ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටියාය. ඉන් කිහිප දෙනකු ක්‌ලේමෝ බෝම්බය වළ දැමීමට සහාය ලබාදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව විමර්ශන නිලධාරීහු එහිදී පැවසූහ. එකී ජාවාරමට ෙච්තනාන්විතව සම්බන්ධ වී නොමැති සැකකරුවන් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙසට ද ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ තහනම් කොට ඇති එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත සක්‍රීය කිරීම සඳහා උත්සාහයක සැකකරුවන් නිරත වී ඇති ද යන කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව ද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පැවසූහ.
-දිවයින පුවත්පත
No comments:
Post a Comment