හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විමට තවත් රාජපක්ෂවරුන් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් චන්ද්‍රෙස්න මහතා පවසයි.
අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ලෙස මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාගේ කැමැත්ත මත මේ වන විට තරගයට ඉදිරිපත් වීමේ සියලු කටයුතු සුදානම් කර ඇතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
ආණ්ඩුව මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට විශාල උත්සහයක යෙදෙන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ගෝඨාභයට ඇති බය නිසා මෙවැනි දේ සිදු කරන බවත්, එක්සත් ජාතික පක්ෂයට අද වන විට අපේක්ෂකයා තෝරා ගැනීම පවා අසීරු වී ඇතැයි පැවසු චන්ද්‍රසේන මහතා, කුමන හේතුවක් නිසා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඉල්ලන වෙනත් රාජපක්ෂවරයෙක් ඉදිරිපත් කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
No comments:
Post a Comment