මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ මදූෂ්ගේ ඥාති සොහොයුරා වන නිලාන් රොමේෂ් සමරසිංහ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වු මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදි අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ (17) මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැණුනේය.
මෙම පුද්ගලයාද එම 6 දෙනා අතර විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මෙම පිරිස අතර මාකඳුරේ මදූෂ්ගේ බාප්පා කෙනෙකු ද සිටින බවයි.
මෙම පිරිස ඊයේ අලුයම 4.45 ට ඔවුන් යු.එල් 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණියේය.
No comments:
Post a Comment