ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත් කොච්චිකඩේ දේවස්ථානයට වරාය අධිකාරියෙන් බිමි කොටසක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 23, 2019

ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත් කොච්චිකඩේ දේවස්ථානයට වරාය අධිකාරියෙන් බිමි කොටසක්


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත් කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය පුලුල් කි⁣රිමට ශ්‍රි ලංකා වරාය අධිකාරියෙන් බිමි කොටසක් ඊ‌යේ (23) ප්‍රධානය ‌කෙරිනි.

ඒ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගේ විශේෂ ඉල්ලීමකට අනුව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් පර්චස් 6ක බිමි කොටසක්  කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ වෙත පිරිනමන ලදි.

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය පැවති මෙම අවස්ථාවට මෙරටට පැමිණ සිටින අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිතවරයෙකු වන කදිනල් ⁣ෆර්නෑන්ඩො පිලොනි හිමිපාණන් වහන්සේද සහභාගි විය.
 

No comments:

Post a Comment

Post Bottom Ad