බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදුනි.
ඉකුත් 18 වැනිදා වෙසක් පෝදා සිරකරුවන් 762කට වැලිකඩ බන්ධනාගාරයේදී ජනාධිපති පොදු සමාව ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් ඥානසාර හිමි හමුවී විනාඩි 45 කට ආසන්න කාලයක් සුහද පිළිසඳරකද යෙදී තිබුණි.
අධිකරණයට අපහාස කිරීම ඇතුලුව චෝදනා හතරකට වරදකරු කර තිබූ උන්වහන්සේට බරපතල වැඩ සහිතව වසර 19ක සිරදඬුවමක් නියම වූ අතර එය වසර හයකින් ගෙවීයන පරිදි ලිහිල් විය.
2018 අගෝස්තු 18 වැනි දා උන්වහන්සේට මෙම සිරදඬුවම නියම විය.
No comments:
Post a Comment