ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේදී කිසිදු අයුරකින් මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම හෝ මාර්ග අවහිර කිරීම මින් පසු සිදු නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කළ බවයි.
ඒ අනුව අදාළ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබඳ දැනුවත් කරන ලෙසට සහ සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප්‍රභූ රථ ධාවනය කිරීමට ඔවුන්ට උපදෙස් නිකුත් කරන ලෙසටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.
No comments:
Post a Comment