ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය කියා තීන්දු කර අවසන් - ශෂීන්ද‍්‍ර තාත්තාට එපා කියා ගෝඨා බාප්පාට එක්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 14, 2019

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය කියා තීන්දු කර අවසන් - ශෂීන්ද‍්‍ර තාත්තාට එපා කියා ගෝඨා බාප්පාට එක්වෙයි

රාජපක්ෂ වරයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමටත් අපේ අවස්ථාව ලද හොත් එහ දී ඉදිරිපත් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව තීරණය කරන ලද බව ඌව පළාතේ හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි. දැනට දේශපාලනයේදී සිටින රාජපක්ෂවවරුන් 06 දෙනෙක් එක්ව පැවැත්වූ සාකච්චාවකදී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම තීන්දුව ගත් බවද ඔහු සඳහන් කර ඇත්තේ සති අන්ත ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමිනි.
තම පියා වන චමල් රාජපක්‍ෂ මහතාගේ නම ද ජනාධිපතිවරණ අපේක්ෂක පෝලිමේ ඇතත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි ද ඔහු සඳහන් කර තිබේ.

එනම් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස රාජපක්ෂ වරයෙකු ඉදිරිපත් වන්නේ නම් ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් යයිද ඔහු කියා සිටී.

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ලබාගත හැකිවනු ඇත්තේ ලක්ෂ 4 ක පමණ ඡුන්ද ප්‍රමාණයක් යැයිද හිටපු මහ ඇමතිවරයා අදහස් පල කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad