විරෝධතාවලට වතුර ගහන්නේ අශූචි කලවම් කරලා.. ඇගම කහනවා.. කදුළු ගෑස් කල් පැනලා.. සිහි නැති වෙනවා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 9, 2023

විරෝධතාවලට වතුර ගහන්නේ අශූචි කලවම් කරලා.. ඇගම කහනවා.. කදුළු ගෑස් කල් පැනලා.. සිහි නැති වෙනවා!

විරෝධතා සඳහා ආණ්ඩුව විසින් එල්ල කරමින් සිටින ජල හා කදුලු ගෑස් වල කිසිදු ප්‍රමිතියක් නැතැයි ජාතික ජනබලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල මහතා චෝදනා කරයි. පසුගිය දිනවල ජාතික ජන බලවේගය විසින් පවත්වන විරුද්ධාව සඳහා එල්ල කර ඇති ජලයේ අසූචි මිශ්‍ර බවද හෙතෙම පැවසීය. එම ජල ප‍්‍රහාර වලින් පසු මුළු ශරීරයම කසන බවත් ඔහු සදහන් කරයි.

එල්ල කරන ලද කඳුළු ගෑස් නිසා විරෝධතාකරුවන් කිහිපදෙනෙකුම සංකූලතා සහිතව රෝහල් ගත කර ඇති බවත් හෙතෙම පැවසීය. ඒවා කල් ඉකුත් වී ඇති බවත් ප‍්‍රමිතියක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ පිළිබඳව ඉදිරියේදී ජාත්‍යන්තර පැමිණිලිකර බව ද ඔහු කියා සිටියේ පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad