පාසල් නිල ඇඳුම් තිළිණ පතෙන් ෆොටෝ ඉවත් කළා නම් මුද්‍රණ වියදම 20% ක් අඩුවෙයි,ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේදී හෙළිවේ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 13, 2019

පාසල් නිල ඇඳුම් තිළිණ පතෙන් ෆොටෝ ඉවත් කළා නම් මුද්‍රණ වියදම 20% ක් අඩුවෙයි,ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේදී හෙළිවේ.

පාසල් නිල ඇඳුම් තිළිණ පතට ඡුායාරූප 4 ක් එක් නොකළේ නම් එම තිළිණ පත් ඊට වඩා අඩු පිරිවැයක් යටතේ මුද්‍රණය කළ හැකිව තිබූ බව ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේදී හෙළිවිය.

 ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව ඊයේ (12 දා* එම කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ රැුස්වූ අතර එහිදී පාසල් නිල ඇඳුම් තිළිණපත් මුද්‍රණය කිරීමේදී අක‍්‍රමිකතා සිදුවී ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල පිළිබඳ විභාගය වැඩිදුරටත් සිදුවිය.

 එහිදී නිල ඇඳුම් තිළිණ පත් මුද්‍රණය කළ ප‍්‍රින්ට් කෙයා ආයතනයේ සාමාන්‍යාධිකාරි රංග සූරියආරච්චි මහතා සාක්‍ෂි ලබාදෙමින් ප‍්‍රකාශ කර සිටියේ තිළිණ පත් මිලියන 5 ක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 10 ක් අය කළ බවයි. එක් තිළිණ පතක් මුද්‍රණය කිරීම සඳහා රු. 2.09 ක් වැය වූ බව ප‍්‍රකාශ කළ ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ එම මුදලෙන් 80% ක් වැය වූයේ වවුචරය මුද්‍රණය කළ 100 ජී. එස්. එම්. කඩදාසිය සඳහා බවයි.

 එම අවස්ථාවේදී කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේ වවුචරයේ මුහුණතේ මුද්‍රණය කළ ඡුායාරූප 4 ක් ඉවත් කළේ නම් එම වවුචරය ඊට වඩා කුඩා ප‍්‍රමාණයෙන් මුද්‍රණය කළ හැකි නේද යන්නයි. සාක්‍ෂිකරු වන රංග සූරියආරච්චි මහතා ඊට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ එසේ කළ හැකිය යන්නයි. වවුචර් පත එලෙස මුද්‍රණය කළා නම් වැයවූ පිරිවැය කෙතරම් ප‍්‍රමාණයකින් අඩු කරගත හැකිව තිබුණේ ද යන්න විනිසුරු මඬුල්ලේ සාමාජික හිටපු නියෝජ්‍ය පොලිස්පති විජය සමරසිංහ මහතා විමසා සිටියේය. ඊට ප‍්‍රතිචාර දක්වමින් සාක්‍ෂිකරු ප‍්‍රකාශ කර සිටියේ 20% ක් 25% ක් අඩු කළ හැකි බවයි.
-Divaina
Loading...

No comments:

Post a Comment

Post Bottom Ad