නෙළුම් කුලූනට අත්තිකාරම් ගෙවූ ALIT සමාගම චීනයේ කි‍්‍රයාත්මකයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 18, 2019

නෙළුම් කුලූනට අත්තිකාරම් ගෙවූ ALIT සමාගම චීනයේ කි‍්‍රයාත්මකයි.


නෙළුම් කුලූනට අත්තිකාරම් ගෙවූ ඇලිට් (ALIT) සමාගම තවදුරටත් චීනයේ කි‍්‍රයාත්මක වන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.

 මෙම කුලූන ඉදිකිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම චීන සමාගම් දෙකක් සමග ඒකාබද්ධව කටයුතු කළ බවත්, ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් පවසන ඒ මහතා ඊට අදාළ සියලූ දත්ත විදුලි සංදේශ නියාමන කොමිසමේ ඇති බව ද කියා සිටී.

 2012 වසරේ සිට 2019 දක්වා නෙළුම් කුලූන ඉදිකිරීම් සඳහා සී. ඊ. අයි. ඊ. සී. සමාගමේ එකම බැංකු ගිණුමකට සහ එකම ගිණුම් අංකයකට මුදල් ගෙවීමට පෙර මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බවත් එහිදී මුදල් අවභාවිතයක් නොවූ බවත් හෙතෙම කියා සිටී.

 මේ නිසා ජනපතිට වැරදි තොරතුරු සැපයූ නිලධාරීන් ඉදිරියට පැමිණ සත්‍ය තොරතුරු හෙළි කළ යුතු බව ද අනූෂ පැල්පිට මහතා පවසයි.
-Divaina

Loading...

No comments:

Post a Comment

Post Bottom Ad