නාවුක හමුදා කදවුරකට වෙඩි තබන්නැයි ෆොන්සේකා යුද හමුදා බලඇණියකට අණ කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 15, 2019

නාවුක හමුදා කදවුරකට වෙඩි තබන්නැයි ෆොන්සේකා යුද හමුදා බලඇණියකට අණ කරලා

තුරේ පැවති යුධ මෙහෙයුමකදී පාබල සේනාංකයකට නාවික හමුදා කඳවුරක් මැදින් ගමන් කරන්නට වූ අවස්ථාවක නාවුක හමුදා බල ඇණියට වෙඩි තබා හෝ එම මෙහෙයුම ඉදිරියට යන්නැයි එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා එම පාබල සේනාංකයට අණ කර තිබූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

එවකට නාවුක හමුදාපතිව සිටි වසන්ත කරන්නාගොඩ හා යුධ හමුදාපති සරත් ෆොන්සේකා අතර මතභේදයක් උග්‍ර ව තිබූ නිසා මෙම තත්ත්වය ඇති වූ බවද නාහිමියෝ සඳහන් කළහ.

කෙසේ වෙතත් එවකට හමුදා ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් සිදු වන්නට ගිය මහා කැලෑවෙන් වැසී ගිය බවද නාලක හිමියෝ පැවසූහ.

කැළණියේදී පැවති උත්නස සභාවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.


No comments:

Post a Comment

Post Bottom Ad