අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළැඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් තමන් ඊට ඉදිරිපත් වන බවත්, එය කළ නොහැකි නම් පිටව යන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12)දා පැවසීය.
වයස අවරුදු 70 වන තෙක් මෙරට දේශපාලන ක්ෂේත්රයේ තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයිද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ උදෑසන හමු වූ අවස්ථාවේදීය.
ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සඳහා මන්නාරමට පිටත්ව යෑමට පෙර අරලියගහ මැදුරේදී මෙම හමුව පවත්වා තිබේ.
පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී පක්ෂ නායකත්වය භාර ගනිමින් අසීරුම කාලයේදී ක්‍රියා කළ ආකාරය එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයන්ට සිහිපත් කළ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය වැටුණු සෑම අවස්ථාවකදීම එය ගොඩගත් ආකාරය ද සිහිපත් කර ඇත.
පක්ෂ නායකයා ලෙස පක්ෂයත්, පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බව සඳහන් කර ඇති ඒ මහතා, එළඹෙන ජනාධිපතිවරණයේදී ද ඉහත වගකීම ඉටු කළ නොහැකි නම් පිටව යෑම තමාට කිසිදු ගැටලූවක් නොවන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.
-දිවයින පුවත්පත.
Loading...
No comments:
Post a Comment