සජිත් සමග සුළු පක්‍ෂ සමග සාකච්චා අතිශය සාර්ථකයි,සියළු පක්‍ෂ සජිත්ට පක්‍ෂයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 14, 2019

සජිත් සමග සුළු පක්‍ෂ සමග සාකච්චා අතිශය සාර්ථකයි,සියළු පක්‍ෂ සජිත්ට පක්‍ෂයි.


එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සමග පැවති සාකච්ඡා අතිශය සාර්ථක බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සමග මෙම සාකච්ඡා පැවැත්වුණේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ දී ය.
සාකච්චා වලට සහභාගී වීමෙන් පසු ආපසු යන අතර වාරයේ ඇමතිවරයා මේ බව මාධ්‍යවේදීන් වෙත කියා සිටියේය.
එම පක්ෂ නායකයින් තම සහාය දැක්වූයේ දැයි මාධ්‍යවේදීන් අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කර සිටියත් ඇමතිවරයා ඊට සෘජු පිළිතුරක් නොදුන්නේය.
ඉදිරියේදී අවශ්‍ය සියල්ල සිද්ධ වෙනු ඇතැයි ද කී ඇමතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන් ජනාධිපති අපේක්ෂකත්වයට බිය වී ඇතැයිද සඳහන් කළේය.
මේ අතර සාකච්චාවර සහභාගී වූ ඇමති මනෝ ගනේෂණ් සදහන් කලේ සාකච්චාවේදී ඒකමතික තීරණයකට පැමිණි බවත් එය හෙලි නොකර සිටීමටද තීරණය කල බවත්ය.
සජිත් පේ‍්‍රමදාස මහතාට පක්‍ෂපාතී අන්තර්ජාල මාධ්‍ය සදහන් කරන්නේ සියළු පක්‍ෂවල සහාය ඔහුට ලැබුණු බවයි.
Source  - Lankacnews.com

Loading...

No comments:

Post a Comment

Post Bottom Ad