අනුරාධපුරේ හෙලිකොප්ටර් 07ක් අරන් ගියා.. හම්බන්තොට හෙලිකොප්ටර 04ක් අරන් ගියා.. අගමැති කෝටි 30ක ගෘහ භාණ්ඩ අරගෙන - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 31, 2019

අනුරාධපුරේ හෙලිකොප්ටර් 07ක් අරන් ගියා.. හම්බන්තොට හෙලිකොප්ටර 04ක් අරන් ගියා.. අගමැති කෝටි 30ක ගෘහ භාණ්ඩ අරගෙන

ව රජය විසින් රුපියල් කෝටි 2000 ක් ඉතිරි කළ බව පැවසීම අසත්‍යයක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා අනුරාධපුරයේ දිවුරුම්දීමේ උත්සවය සඳහා හෙලිකොප්ටර් 07ක් ගිය බවද ඔහු පවසයි.

එමෙන්ම මෑතකදී හම්බන්තොට පැවැති පෙර පාසල් උත්සවයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඇමති චමල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන පිරිස හෙලිකොප්ටර් 04කින් ගිය බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා අරලියගහ මන්දිරයට රුපියල් කෝටි 30 ගෘහ භාණ්ඩ අලුතින් මිලට ගෙන ඇතැයිද ඔහු චෝදනා කරයි.

මේ ආකාරයෙන් කටයුතු කරද්දී රුපියල් කෝටි 2000 ක් ඉතිරි කරන්නේ කෙසේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad