බදියුදීන්ගේ තවත් ජාවාරමක් මාට්ටුයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 31, 2019

බදියුදීන්ගේ තවත් ජාවාරමක් මාට්ටුයි..

පැවති ආණ්ඩුව සමයේ හිටපු ඇමති රිෂාද් බදුර්දීන් ගේ උපදෙස් පරිදි ඉන්දියාවේ ගෙන්වන ලද සහල් කිලෝ ලක්ෂ 4 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.

හිඟුරක්ගොඩ සහල් ගබඩා සංකීර්ණයක දී මෙම තොගය ලේබල් ගසා අලෙවියට සූදානම් වෙමින් තිබූ බවද එහි සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

එම සහල් තොගය නිෂ්පාදනය කර ඇත්තේ 2017 වසරේ සැප්තැම්බර් මාසයේ බවත් 2019 අගෝස්තු මාසයේ ඒවා කල් ඉකුත් වී තිබියිදී ඒවා සත්ව ආහාර ලෙස විකිණීමට වෙන් කර ඇති බවද ඔහු පවසයි.

එම තොගයෙන් තවත් කොටසක් දින වෙනස් කර නැවත ලේබල් ගසා අලෙවි කිරීමට සූදානම් කර ඇති බව ද තවමත් මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad