2019 දෙසැම්බර් මස 26 වන දින ඩෙල්ෆ් දූපතට අභිරහස් බෝට්ටුවක් පැමිණ ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට තොරතුරු ලැබීමෙන් පසුව සිදු කරනලද පරික්ෂණ වලදී එම බෝට්ටුවෙන් ඉන්දීයාවේ සිට ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවට හෙලි වී ඇතයි නාවික හමුදාව පවසයි.
දින තුනක් පුරාවට නාවික හමුදාව විසින් සිදු කරන ලද පරික්ෂණවලින් අනතුරුව 2019 දෙසැම්බර් 29 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස සංක්‍රමණය වී සැඟව සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පළමුව නාවික හමුදා භාරයට ගන්නා ලදී.
මෙම පුද්ගලයින් පිරිස නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඩෙල්ෆ් දුපතට පැමිණ, පසුව තලෙයිමන්නාරම බලා පැමිණ ඇති අතර, පුද්ගලයින් පස්දෙනාගෙන් සිව් දෙනාගෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු තලෙයිමන්නාරම, කේබල් හවුස් ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී නාවික හමුදා භාරයට ගෙන ඇති අතර අනතුරුව ඔවුන්ගෙන් සිදු කල ප්‍රශ්ණ කිරීමේදී තවත් පිරිමි පුද්ගලයෙකු යාපනය ප්‍රදේශයේ සැඟව සිටින බවට කරුණු අනාවරණය කරගැනීමෙන් පසුව එම සැකකරු ද නාවික හමුදා භාරයට ගනු ලැබීය.
මෙම පුද්ගලයින් ශ්‍රීලාංකීක පුද්ගලයින් වුව ද නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇති බැවින් මොවුන් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර අත් අඩංගුවට ගත් පිරිමි පුද්ගලයින් වයස අවුරුදු 33, 36 සහ 45 වන වියෙහි පසුවන තලෙයිමන්නාරම, පේසාලේ සහ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අත් අඩංගුවට පත් කාන්තාව වසය අවුරුදු 63 ක් වන ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව හඳුනාගෙන ඇත.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තලෙයිමන්නාරම පොලීසිය විසින් සිදු කරනු ලබයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Monday, December 30, 2019
ඩෙල්ෆ් දූපතට ආ අභිරහස් යාත්‍රාවේ සුල මුල සොයාගනී !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment