බූස්සට මාරු කළ ‘දෙහිවල චූල සමන්ත’ ලක්‍ෂ 50 ක් වැයකර දේශපාලක අනුහසින් සති දෙකකින් යළි කොළඹට. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 26, 2019

බූස්සට මාරු කළ ‘දෙහිවල චූල සමන්ත’ ලක්‍ෂ 50 ක් වැයකර දේශපාලක අනුහසින් සති දෙකකින් යළි කොළඹට.

බන්ධනාගාරගතව සිටිමින් මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමක යෙදීම නිසා ගාල්ල බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ දෙහිවල චූල සමන්ත යළි කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට එවා තිබේ.

 බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී කුඩු ජාවාරමේ යෙදීම දුෂ්කර බැවින් රුපියල් ලක්‍ෂ 50 ක් වැයකර දේශපාලනඥයන් දෙදෙනෙකුගේ මාර්ගයෙන් චූල සමන්ත යළිත් මෙසේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට යළි පැමිණ ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

 බූස්ස බන්ධනාගාරයට මාරුකර යැවීමෙන් පසු සති දෙකක් ඇතුළත එම මාරුව අවලංගු කරගෙන නැවත රිමාන්ඞ් බන්ධනාගාර වෙත පැමිණෙන්නට චූල සමන්ත සමත්ව ඇත.

 මොහු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට නැවත පැමිණීමත් සමගම චූල සමන්තගේ සමීප ගෝලයකු වන දෙහිවල නවීන් නමැත්තා මත්කුඩු ජාවාරමේ යෙදී සිටියදී මීට සිව් දිනකට පෙර හෙරොයින් ග‍්‍රෑම් 500 ක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායට කොටුවී ඇත.

 අත්අඩංගුවට ගත් සැකකරු විශේෂ කාර්ය බළකාය මගින් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමෙන් පසු සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී තමන් සන්තකයේ තිබුණේ චූල සමන්තගේ මත්කුඩු තොගයක් බව ඔහු පොලිසියට පාපොච්චාරණය කර ඇත.

 සැකකරු රඳවා ගැනීමේ නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් රඳවාගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරගෙන යයි.
-Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad