පුළුවන් නම් බැඳුම්කර හොරුත් අල්ලලා පෙන්වන්න! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 21, 2019

පුළුවන් නම් බැඳුම්කර හොරුත් අල්ලලා පෙන්වන්න!

හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් අයුරින් මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බව කියන තැනැත්තන්ද අත්අඩංගුවට ගන්නා ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරණයට පෙර පැවසූ අන්දමට පැය 24ක් 48ක් තුළ එම චූදිතයින් අත්අඩංගුවට ගැනීම සිදු විය යුතුව තිබුණද දැන් එය හමස් පෙට්ටියට ගොස් ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව එම චෝදනා ප්‍රෝඩාවක් යැයි පැහැදිලි වන බව ඔහු කියාසිටියි.

කෙසේවෙතත් චෝදනා කරන ආකාරයට  මහ මැතිවරණයට පෙර මහ බැංකු හොරු කවුරුන්ද යන්න දැන ගැනීමට කැමති බවද මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ බැඳුම්කර වංචාවේ අලගිය මුලගිය තැන් කෝප් කමිටු වාර්තා දෙකකින්,ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන්,සහ පාර්ලිමේන්තු වෝහාරික විගණන වාර්තාවෙන් ඉදිරිපත් වී ඇති බවයි.

අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමති රවී කරුණානායක  ඇතුළු කණ්ඩායම  බැඳුම්කර  වංචාවට සම්බන්ධ  බවට වන කාරණය  සියලු වාර්තා වලින් හෙළිදරව් වී ඇති බවද ඔහු කියාසිටියි.

අවම වශයෙන් බැඳුම්කර වංචාවට වසර පහ පිරෙන දවසට හෝ මෙකී  සියලු චූදිතයින් හිරගෙට යැවීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad