පළිගන්නකොට හරී සැපයි. හොරි කහනකොටත් හරී සැපයි, හැබැයි පස්සේ දැවිල්ලයි - විජයමුණි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 21, 2019

පළිගන්නකොට හරී සැපයි. හොරි කහනකොටත් හරී සැපයි, හැබැයි පස්සේ දැවිල්ලයි - විජයමුණි

ආණ්ඩුව දැන් කළ යුතුව ඇත්තේ 69 ලක්ෂයක් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම මිස පැරණි රථවාහන නඩු ඇවිස්සීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

"පළිගන්නකොට හරී සැපයි. හොරි කහනකොටත් හරී සැපයි, හැබැයි පස්සෙ දැවිල්ලයි. මේ ලක්ෂ 69ක් බලාපොරොත්තු වූ දේ ඉටු කිරීම තමයි ඔවුන්ගේ වගකීම. නැතුව මේ ට්‍රැෆික් නඩුයි, අර නඩුයි මේ නඩුයි ... පරණ කුණු අවුස්සලා වැඩක් නෑනෙ ?

තව තව මේ රටේ රිය අනතුරුවලින් අය මැරිලා තියෙනවා නේ ? නොමැරී ඉඳලා නෑ, මැරිලා තියෙනවා. නමුත් ඒක රථවාහන නීතියේ හැටියට තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නෙ." යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විජිත් විජයමුණි සොයිසා මහතා මේ බව පැවසුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ (21) පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad