ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත් වීමත් සමග කරන ලද බදු කප්පාදුව වැනි හේතු මත රටේ ණය ආපසු ගෙවාගැනීමේ හැකියාව පිළිබඳ විශ්වාසය අඩු වී තිබෙන බැවින්, ඉදිරි කාලයේදී රජය ණය ලබාගන්නා විට ඉහළ පොළියක් ගෙවීමට සිදු වන තත්වයක් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දර්ශනය කලින් තිබුණු ‘ස්ථාවර’ තත්වයෙන් ‘නිශේධනීය’ තත්වය කරා පහත හෙළීමට ෆිච් ජාත්‍යන්තර ණය දර්ශකය විසින් කටයුතු කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවට ආධාරක අගයක් වන බී ප්‍රමාණනය හිමි වී තිබේ.
මෙම පහත හෙළීමට හේතුව ලෙස දැක්වෙන්නේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ ඇති වූ දැඩි වෙනස්කම් ඉදිරියේ ඇතිවීමට නියමිත ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවෙන් ණය සේවා සම්බන්ධයෙන් ඇති වී තිබෙන තිරසර නොවන තත්වයයි.
2020 සහ ඉන්පසු වසරවලදී ගෙවීමට තිබෙන අධික විදේශ ණය බර හේතුවෙන් වැඩි වැඩියෙන් බැහැරින් මුල්‍ය සම්පාදනය කරගැනීමට සිදුවන තත්වය මැද කලින් තිබුණු ආදායම් මත පදනම් වූ රාජ්‍ය මුල්‍ය ස්ථාවරත්ව මාර්ගයෙන් බැහැර වීම හේතුවෙන් ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාවක් ඇති වී තිබෙන බව ෆිච් ආයතනය පවසයි.
වටිනාකම එකතුකළ බද්ද හෙවත් වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද කප්පාදු කිරීමෙන් ශ්‍රී ලංකාවට දළ දේශීය නිෂ්පාදනයෙන් 2%ක් පමණ වන තරම් ආදායමක් අහිමි වන බව ද, ඒ සමග ජාතික ණය ඉහළ යා හැකි බව ද ෆිච් ආයතනය පෙන්වා දෙයි.
වර්තමානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 85%ක් වන රජයේ ණය මධ්‍යකාලීනව ඉහළ යා හැකි බව ෆිච් ආයතනය පවසයි. කලින් පැවති ආර්ථික ස්ථාවරකරණ සැලසුම් අනුව රජය මධ්‍යකාලීනව අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක මට්ටමේ පවත්වාගැනීමට කටයුතු කරනු ඇතැයි ෆිච් ආයතනය බලාපොරොත්තුව පළ කරයි. කෙසේ වෙතත්, 2020දී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.5%ක් පමණ වනු ඇතැයි ෆිච් ආයතනය පවසයි.
Adapted from praja.lk
Saturday, December 21, 2019
ගෝඨාභයගේ බදු කප්පාදුව නිසා ණය සඳහා පොළිය වැඩි වේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment