"යහපාලන ආණ්ඩුවේ පරාජයට හේතුව පොහොට්ටුවේ සාර්ථකත්වය නොව එජාපයේ අසාර්ථකත්වයයි" - හිරුණිකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 29, 2019

"යහපාලන ආණ්ඩුවේ පරාජයට හේතුව පොහොට්ටුවේ සාර්ථකත්වය නොව එජාපයේ අසාර්ථකත්වයයි" - හිරුණිකා

හපාලන ආණ්ඩුවේ පරාජයට හේතුව පොහොට්ටුවේ සාර්ථකත්වය නොව එජාපයේ අසාර්ථකත්වය බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෙන්වා දෙයි.

ආණ්ඩුව පිහිටුවා  වසර හතරකින් බන්දේසියක තබා වත්මන් ආණ්ඩුව වෙත ලබා දී තිබෙන බව මන්ත්‍රීවරිය සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුවේ ඇමතිවරු තිදෙනෙකුට රාජපක්ෂ පාර්ශවය සමඟ ගණුදෙනුවක් පැවති අතර ඉන් එක් අයෙක් දැන් එම පාර්ශවය සමඟ සිටින බවද ඇය පවසයි.

පසුගිය කාලයේ එජාපයේ මැති ඇමතිවරුන්ට විවිධ ප්‍රශ්න පැමිණෙන විට එකී අනෙක් දෙදෙනා ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටි බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරයි.

මෙවැනි තත්ත්වයන් නිසා අසාධාරණයට ලක්ව ඇත්තේ හංසයා ඉදිරියෙන් කතිරය ගැසූ ජනතාව බව ඇය වැඩිදුරටත් කියාසිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad